විදෙස්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සාකච්ඡාවට කිම් ජොන් උන් වියට්නාමය බලා පිටත්ව යයි..

(UTV| වියට්නාමය) – ඇමරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැත්වෙන දෙවැනි සාකච්ඡාවට සහභාගී වීම සදහා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් වියට්නාමයේ හැනෝයි නුවර බලා අද (25) පිටත් විය.

කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීම සඳහා මෙහිදී සාකච්ඡා සිදුකිරීමට නියමිතය.

උතුරු කොරියානු නායකයා වියට්නාමයේ හැනෝයි නුවර බලා ගමන් ගන්නේ දුම්රියෙනි. එම දුම්රිය චීනය හරහා ගමන් ගනී.

ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයා අතර හමුව පෙබරවාරි මස 27 සහ 28 යන දෙදින පැවැත්වෙන
අතර ඒ සම්බන්ධයෙන් මෙතෙක් සවිස්තර විස්තර කිසිවක් ප්‍රකාශයට පත් කර නොමැත.

ට්‍රම්ප් සහ කිම් ජොන් උන් නායකයන් දෙපළගේ ඓතිහාසික පළමු හමුව සිදුවූයේ පසුගිය වසරේ ජූනි මාසයේදීයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බ්‍රසල්ස් වෙඩික්කරු මරුට

Mohamed Dilsad

මුම්බායිහි ගින්නකින් හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට.

Mohamed Dilsad

අදානි ගැන යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට

Editor O

Leave a Comment