ප්‍රමුඛ පුවත 1

පොලිස්පතිගේ නියමයෙන් පොලිසියේ 15 කට වහාම ස්ථාන මාරු…

(UTV| කොළඹ) –  දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් 15 දෙනෙකු වහා ක්‍රියාත්මක වන පරිදි මාතර දිස්ත්‍රික්කයෙන් පිටත පොලිස් ස්ථාන වෙත මාරුකර යැවීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ක්‍රියාකර ඇත.

ඒ රත්ගම බූස්ස රත්නඋදාගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැර ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළවයි.

එම පිරිස අතර කාන්තා පොලිස් කොස්තාපල් හා සැරයන්වරියක ද සිටින බව වාර්තා වේ.

මෙම පැහැර ගැනීම වූ දින එම ඒකකයේ රාජකාරී වාර්තා කළ පොලිස් නිලධාරීන් 15 දෙනාම එසේ මාරුකර යැවීමට පියවර ගෙන ඇත.

මෙම ඒකකයේ නියෝජ්‍ය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කපිල නිශාන්තද සිල්වා මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බාරයට පත් කෙරිණි.

ඊට අමතරව තවත් උප පොලිස් පරික්ෂකවරයකු ද දැනට අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න කරගෙන යයි.

Related posts

එල්.ටී.ටී.ඊ හිතවාදීන්ගේ මූල්‍ය ගනුදෙනු රැසක් අනාවරණය වෙයි

Mohamed Dilsad

‘විටින් විට තද සුළං’කාලගුණ අණාවැකි

Mohamed Dilsad

2020 මැතිවරණය ගැන සංගා කියන අලුත්ම කතාව මෙන්න

Mohamed Dilsad

Leave a Comment