ප්‍රමුඛ පුවත 1

එල්.ටී.ටී.ඊ හිතවාදීන්ගේ මූල්‍ය ගනුදෙනු රැසක් අනාවරණය වෙයි

(UTV | කොළඹ) –  මැලේසියාවේ ත්‍රස්ත මර්දන පොලීසිය විසින් අත්අඩංගුවට ගත් එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව එම සංවිධානයේ ප්‍රවර්ධන කටයුතු සිදුකිරීම සඳහා ක්‍රියාත්මක වූ මහා පරිමාණ මූල්‍ය ගනුදෙනු රැසක් අනාවරණය කරගැනීමට හැකියාව ලැබී ඇත.

මැලේසියානු ත්‍රස්ත මර්දන ඒකකයේ ප්‍රකාශකයෙක් සදහන්කර සිටියේ අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ පදිංචි ස්ථාන සහ ජංගම දුරකථන පරීක්ෂා කිරීමෙන් සැක කටයුතු මහා පරිමාණ ගනුදෙනු පිළිබද අනාවරණ වූ බවයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් පදිංචිව සිටි ස්ථානවල තිබී එල්.ටී.ටී.ඊ. ධජ, පෝස්ටර් සහ ප්‍රභාකරන්ගේ ඡායාරූප ද සොයාගෙන තිබේ.

එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි පණ ගැන්වීම සඳහා මොවුන් කටයුතු කරමින් සිට ඇති බවට එරට පොලිසිය සැක කරයි.

මීට අමතරව සේරුනුවරදී පසුගියදා අත්අඩංගුවට ගත් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයාගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව යාපනය – කොණ්ඩාවිල් ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබියදී කිලෝ 15 බැගින් බරැති ක්ලේමෝ බෝම්බ දෙකක් ද ඊයේ සොයාගනු ලැබීය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජීප් රථ අනතුරකින් පූජ්‍ය කුඹුරුගමුවේ වජිර හිමි 5 ක් රෝහලේ

Mohamed Dilsad

තැපැල් ඡන්ද පත්‍රිකා ඡායාරූප ගත කල තිදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ඇල්පිටිය ජයගත් සභිකයන් ඉදිරි දින දෙක තුල ගැසට් කෙරේ

Mohamed Dilsad

Leave a Comment