ප්‍රමුඛ පුවත 1

අද සිට දින තුනක් තද සුළං – ධීවරයින්ටත් අනතුරු ඇගවයි .

(UTV| කොළඹ) – දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශවල අද (11) සිට අනිද්දා (13) දක්වා තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අද (11) රාත්‍රී කාලයේදී බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණ සහ ඌව පළාත්වලට කඩින් කඩ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඉදිරි දින කිහිපය තුල දිවයිනේ අපේක්ෂා කෙරෙන දැඩි වර්ෂාව පිලිබද ධීවර හා නාවික ප්‍රජාව විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය එම ජනතාවට නිවේදනය කරයි.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කළේ අධික වර්ෂාවත් සමග කදුකර ප්‍රදේශ නායයාමේ අවධානමක්ද පවතින බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තමා වෙනුවෙන් කටයුතු කළ සියල්ලන්ටම ස්තූතියි – සජිත් ප්‍රේමදාස

Mohamed Dilsad

ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ඇතුළත් විශේෂ ගැසට් පත්‍රය නිකුත් වෙයි

Mohamed Dilsad

පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් මන්ත‍්‍රීවරියකට පහර දෙයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment