ප්‍රමුඛ පුවත 1

ෆීල්ඩ් මාෂල් ධුරයට හිමි ගෞරවය නිසි පරිදි ලැබෙන්නේ නැහැ…

(UTV| කොළඹ) – මෙවර 71 වන ජාතික නිදහස් දින උළෙල සදහා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ සහභාගීත්වයක් දක්නට නොලැබුනි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශකර තිබුණේ තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මේ වනවිට කඩ වී ඇති බවත් ෆීල්ඩ් මාෂල් ධුරයට හිමි ගෞරව නිසි පරිදි නොලැබෙන නිසා මෙවර ජාතික දින සැමරුමට එක් නොවූ බවත්ය.

“මේ වන විට මට ලැබිය යුතු ප්‍රජාතන්ත්‍රාවදී අයිතිවාසිකම් නැතිවෙලා තිබෙනවා. මට මේ රජය ඇමතිධුරයකට යෝජනා කළා. මේ රටේ පාලකයා ව්‍යවස්ථා විරෝධීව කටයුතු කරමින් මාව ඇමතිධුරයේ දිවුරුම් දීම නවත්වලා තිබෙවා. මම ෆීල්ඩ් මාෂල් ධුරය දරනවා දැනට. හමුදාවල සම්ප්‍රදා හා හමුදා විනයට අනුකූලව ෆීල්ඩ් මාෂල් කෙනෙක් හමුදා පෙළපාලිකයට පැමිණෙන විට හමුදා පෙළපාලිය සීරුවට පැමිණෙන්න ඕන. තිබෙන හමුදා වර්ණ ධඡ සියල්ලම පහත් කරන්න ඕන.

ඒ සියල්ලම නොකරන නිකන් මට ආරාධනාවක් කර තිබුණා. ඒක නිසා මම දරණ ෆීල්ඩ් මාෂල් ධුරයේ ගෞරවය ලබාදිය නොහැකි පෙළපාළියකට වගේම සම්ප්‍රදා හා හමුදා විනය කඩකරමින් බියගුලු ක්‍රියාදාමයක් ක්‍රියාත්මක කර තිබෙන ස්ථානයකට මට ගිහල්ලා ෆීල්ඩ් මාෂල් කෙනෙක් ලෙස ඉන්න බැරිනිසා මම ඒකට යෑම වර්ජනය කළා.“  යනුවෙන් සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් අදහස් දැක්වීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මිනුවන්ගොඩ පහරදීමේ සිද්ධියට අදාල පුද්ගලයන් 13ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

බස් ගාස්තු සංශෝධනය ගැන අවසන් තීරණය අද

Mohamed Dilsad

අත්අඩංගුවට ගත් වැන්රෝයන්ගේ සොහොයුරා මුදා හැරෙයි..

Mohamed Dilsad

Leave a Comment