ප්‍රමුඛ පුවත 1

ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව අල්ලස් කොමිසම පනවා තිබූ නඩු 5 ක් කල් යයි

(උදයම් ,කොළඹ ) – හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම පනවා තිබූ නඩු 5 ක් ලබන මාර්තු 21 වනදා දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළේය.

හිටපු අමාත්‍යවරයා වත්කම් හෙළි නොකළ බව පවසමින් අල්ලස් කොමිසම මෙම නඩු පවරා තිබුණි.

කෙසේ වෙත නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු අද අධිකරණයට නොපැමිණීම හේතුවෙන් මෙලෙස අදාළ නඩු මාර්තු 21 වනදා විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර තීරණය කර තිබේ.

Related posts

බොරැල්ල පොලිසියේ රථවාහන ස්ථානාධිපතිට මරුකැඳවූ රියදුරුට ඇප…

Mohamed Dilsad

තැපැල් සේවකයින් වර්ජනයක

Mohamed Dilsad

“ඩබ්ලියු. ඒ. අබේසිංහ සාහිත්‍ය මෙහෙවර” සැමරුම් උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment