ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අත්අඩංගුවට

(උදයම්,කොළඹ ) – ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අත්අඩංගුවට ගැනේ.

රජයේ වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

විමල් විරවංශ මහතා ඉදිකිරීම් ඉංජිනේරු නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය ධුරයේ කටයුතු කළ සමයේ රජයේ වාහන අවභාවිත කළ බව කියන සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීමට අද පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියේ.
විමල් වීරවංශ මහතා මෙම චෝදනාවට අදාළව මීට පෙර අවස්ථා කිහිපයකදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත කැඳවා තිබුණි.

Related posts

ශ්‍රී ලංකා ටෙලිකොම් අලුත්ම ” Voice App” එකක් හදුන්වාදෙයි.

Mohamed Dilsad

වී කිලෝවකට රු50ක සහතික මිලක් ඉල්ලයි

Mohamed Dilsad

ඇඳිරි නීතිය සංශෝදනය කිරීමට අදාළ නිවේදනය [PRESS RELEASE]

Mohamed Dilsad

Leave a Comment