ප්‍රමුඛ පුවත 1

මහාපරිමාණ හෙරොයින් ජාවාරමට සම්බන්ධ පස් දෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – පසුගියදා දෙහිවල ප්‍රදේශයේදී සොයා ගැනුණු විශාලතම හෙරොයින් තොගය මෙරට රැගෙන ඒමේ ජාවාරමට සම්බන්ධ බංග්ලාදේශ ජාතිකයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගැනේ.

ඊයේ (28) බංග්ලාදේශයේදී එරට පොලිසිය විසින් සිදුකරන ලද වැටලීම් 02 කදී කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙරටදී අත්අඩංගුවට ගැනුණු විශාලතම හෙරොයින් තොගය පසුගිය දෙසැම්බර් මස 31 වනදා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය දෙහිව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී සොයා ගැනුණේය.

හෙරොයින් කිලෝග්‍රැම් 272 ක තොගයක් එහිදී සොයා ගැනුණු අතර එහි වටිනාකම රුපියල් බිලියන 02 කට අධික විය.

මෙම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අදාල සැකකරුවන් 05 දෙනා අත්අඩංගුවට ගෙන ඔවුන් සම්බන්ධයෙන් එරට පොලිසිය  ප්‍රශ්න කිරීම් සිදුකරන බව විදෙස් වාර්තා වල දැක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

“ත්‍රිරෝද රථ ගෙන්වීම වහාම නතරකළ යුතුයි” – ඇමති නිමල්

Mohamed Dilsad

කළුතරට ප්‍රදේශ කිහිපයකට තාවකාලිකව ජලය අත්හිටුවයි…

Mohamed Dilsad

අගමැතිගෙන් එම්. ආර්. ලතීෆ් මහතාට ප්‍රශංසාත්මක ලිපියක්..

Mohamed Dilsad

Leave a Comment