ප්‍රමුඛ පුවත 1

ලක්‍ෂ 18ක් වටිනා දුම්වැටි තොගයක් අත්අඩංගුවේ

(UTV| කොළඹ) – නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මේවා මෙරටට රැගෙන විත් ඇති අතර අද (29) අලුයම සැකකරු අත්අඩංගුවට ගැනුණි.

සැකකරු සතුව තිබී විදේශීය නිෂ්පාදිත දුම්වැටි 33,800ක් සොයා ගත් අතර ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 18ක් පමණ වන බව රේගුව පවසයි.

ඔහු කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු සම්බන්ධයෙන් ගුවතොටුපල රේගුව වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉරාන ජාතියකු අත්අඩංගුවට

Mohamed Dilsad

පොලිස් අපරාධ කොට්ඨාසය දේශපාලනයට සම්බන්ධයි [VIDEO]

Mohamed Dilsad

ජාතික නායකත්වයක් ලබාදීමට තමන් සුදානම් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment