Trending News

ඉන්දීය ධීවරයින්ට වෙඩි තැබූ බවට කරන චෝදනා නාවික හමුදාව ප්‍රතික්ෂේප කරයි

(උදයම්,කොළඹ) – ඉන්දීය ධීවරයෙකුට වෙඩි තැබූ බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

ඊයේ ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබුනේ මෙරට නාවික හමුදාව විසින් ඊයේ(6) සිදුකළ වෙඩි තැබීමකින් රාමේෂ්වරම් ධීවරයෙකු මියගිය බවටය.

එහිදී තවත් ධීවරයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව අදාළ වාර්තාවල සඳහන්ය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් චමින්ද වළාකුළුගේ මහතා එම චෝදනාව ප්‍රතික්ෂේප කළේය.

ඉන්දීය ධීවරයින්ට එවැනි කිසිදු වෙඩි තැබීමක් හෝ පහරදීමක් නාවික හමුදාව විසින් සිදුකර නොමැති බවත් අදාළ සියලු වාර්තා අසත්‍ය බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කර සිටියේය.

Related posts

කඩුගන්නාවේ නායයෑමෙන් 06ක් ජීවිතක්ෂයට

Editor O

River water levels receded; rainfall reduced – DMC

Mohamed Dilsad

ஆடைக் கைத்தொழிலுக்கு GSP வரிச்சலுகை வழங்கப்படமாட்டாது

Mohamed Dilsad

Leave a Comment