ප්‍රමුඛ පුවත 1

තබ්බෝව සිට විල්පත්තුව දක්වා විශේෂ සංචාරක කලාපයක්

(උදයම්,කොළඹ)  – තබ්බෝව සිට විල්පත්තුව දක්වා වූ කලාපය යා කරමින් විශේෂ සංචාරක කලාපයක් ඇති කිරීමට රජය තීරණය කර තිබෙන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

ප‍්‍රදේශයේ පවතින සුන්දරත්වය නිසි පරිදි සුරක්‍ෂිත කරමින් එම වටිනාකම් රටේ ආර්ථික හා සමාජ සංවර්ධනය වෙනුවෙන් උපයෝගී කර ගැනීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. එමෙන්ම මේ යටතේ සෘජු හා වක‍්‍ර රැකියා අවස්ථාවන් 15,000 ක් අවම වශයෙන් නිර්මාණය  වනු ඇත.

රජය කෙටි කාලීන හා දිගු කාලීන සැලසුම් සහිතව මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාවට නගන බවත් කරුවලගස්වැව දියුණු නගරයක් බවට පත් කිරීම මේ යටතේ සිදුවන තවත් වැදගත් කාරණයක් බවත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍යංශය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

තබ්බෝව ආර්ථික කලාපය ඇති කිරිමට අදාල වැඩ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවත් ජනාධිපතිවරයාද මෙම ව්‍යාපෘතිය කෙරෙහි විශේෂ අවදානයක් යොමු කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුටත් පැවසීය.

Related posts

2019 අයවැයෙන් සියලු රාජ්‍ය සේවක වැටුප් ඉහළට

Mohamed Dilsad

ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ප්‍රවාහනය අද

Mohamed Dilsad

ඉන්දීය ධීවරයින් පස්දෙනෙකු නාවික හමුදා බාරයට

Mohamed Dilsad

Leave a Comment