ප්‍රමුඛ පුවත 1

මන්ත්‍රී විමල් යළි රිමාන්ඩ්

(උදයම්,කොළඹ)  – ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මේ මස 20 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

ඒ අද ඔහු කොළඹ – කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

රජයේ වාහන අවභාවිතා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු පසුගියදා අත්අඩංගුවට ගත්තේය.

අද දින ඔහු විසින් නීතිඥවරයෙකුගේ සහයක් නොමැතිව විවෘත අධිකරණය හමුවේ පැය එකහමාරක ප්‍රකාශයක් ලබාදී තිබේ.

එහිදී , පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය තමාව අත්අඩංගුවට ගෙන ඇත්තේ පොදු දේපළ පනතේ වගන්තිවලට පටහැනිව බවඔහු ප්‍රකාශ කළේය.

දින 54 ක් තිස්සේ තමන්ව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින මෙම කොට්ඨාශයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද විමල් වීරවංශ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

Related posts

නිවසකින් මළ සිරුරක් සොයාගැනේ.

Mohamed Dilsad

වැලිගම කසල ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතියකට එරෙහිව විරෝධතාවක්

Mohamed Dilsad

හිටපු පොලිස්පති පුජිතත් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment