ප්‍රමුඛ පුවත 1

වැලිගම කසල ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතියකට එරෙහිව විරෝධතාවක්

(උදයම්,මාතර)   – වැලිගම කප්පරතොට ප්‍රදේශයේ ක්‍රියාත්මක වන කසල ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතියකට එරෙහිව ප්‍රදේශවාසීහු පිරිසක් විරෝධතාවක නිරත වෙති.
අදාළ කසල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ වැලිගම නගර සභාව විසිනි.

ක්‍රීඩා පිටියක් ඉදිකරන බව පවසා නගර සභාවට ලබාගත් මෙම ඉඩම කසල සහ පස් දමා කඩොලාන පරිසර පද්ධතිය ද ඇතුලත්ව ගොඩ කරන බවට ඇතුලු චෝදනා කිහිපයක් මතයි ප්‍රදේශවාසීන් විරෝධතාවයේ නිරත වී ඇත.

විරෝධතාව පැවති අවස්ථාවේ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයට රැගෙන ආ කසල විරෝධතාකරුවන් විසින් යළි හරවා යවා තිබේ.

මෙහිදී විරෝධතාකරුවන් සහ අදාළ ආයතන අතර ලබන 24 වනදා සාකච්ඡාවක් ලබාදෙන බවට වැලිගම ප්‍රාදේශීය ලේකම්වරයා කළ දැනුම්දීමක් වැලිගම මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි විරෝධතාකරුවන් විසිර ගොස් ඇත.

Related posts

ජේ ශ්‍රී රංගා, ඇතුලූ 6 දෙනෙකුට නඩු

Mohamed Dilsad

බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පක්ෂ 2ම ලංකාව ගැන අදහස් දක්වයි [VIDEO]

Mohamed Dilsad

හදිසි නීතිය තවත් මාසයකින් දීර්ඝ කිරීමට අදාල පාර්ලිමේන්තු විවාදය අද

Mohamed Dilsad

Leave a Comment