ප්‍රමුඛ පුවත 1

මංගල සමරවීර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සභාපතිනිය හමුවෙයි…

(UTV| කොළඹ) – මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සභාපතිනිය වන ක්‍රිස්ටීන් ලගාඩ් මහත්මිය අතර හමුවක් අද (16) අමේරිකාවේ වොෂින්ටන් නුවරදී පැවැත්විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමඟ සාකච්ඡා කිරීම සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර  මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක් පසුගිය (11) දිනයේ ඇමෙරිකාවේ වොෂින්ටන් බලා පිටත්ව ගියේය.

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ඉදිරියට ගෙනයාම සඳහා දක්වන දායකත්වය පිළිබඳව මූල්‍ය අරමුදලේ නිලධාරින් දැනුවත් කිරීම මෙම සංචාරයේ අරමුණ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් ලබා දෙන රුපියල් බිලියන 1.5ක් වන 06වන ණය වාරිකය නොලැබුණ බැවින් ඒ සම්බන්ධයෙන්ද හෙමිදි සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අග්‍රාමාත්‍ය දළදා වහන්සේ වැඳ පුදා ගනී [VIDEO]

Mohamed Dilsad

ජනාධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

අමාත්‍ය මණ්ඩලයේ සියලුම ඇමතිවරුන්ට කැඳවීමක්

Mohamed Dilsad

Leave a Comment