ප්‍රමුඛ පුවත 1

ගෑස් සහ කිරිපිටි මිල ඉහළ දැමීම මීල පාලන කමීටුව වෙත..

(UTV| කොළඹ) – ගෑස් සහ කිරිපිටි මිල ඉහළ දැමීමට සමාගම් කළ ඉල්ලීම් මිල පාලන කමිටුව වෙත යොමුකර ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් එම්. එස්. එම්. ෆවුසර් මහතා මාධ්‍ය වෙත පැවසීය.

ගෑස් සමාගම් දෙකක් කිලෝග‍්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300 ත් 400 ත් අතර අගයකින් ඉහළ නංවන ලෙසට ඉල්ලීම් කර ඇතැයිද එ මහතා පැවසීය.

ඒ අනුව එම සමාගම් කළ ඉල්ලීම් සම්බන්ධව මිල පාලන කමිටුව විමර්ශනය කරමින් තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

එමෙන්ම, කිරිපිටි සමාගම් කිරිපිටි කිලෝග‍්‍රෑමයක මිල රුපියල් 150 ත් 170 ත් අතර අගයකින් ඉහළ නංවන ලෙස ඉල්ලා ඇතැයිද ඒ මහතා කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුහුදු කූඩැල්ලන් සමග සැකකරුවෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

ජනපතිගෙන් උපධිදාරීන්ට යළිත් පොරොන්දු

Mohamed Dilsad

පරාක්‍රම සමුද්‍රෙයේ වාන් දොරටු විවෘතයි

Mohamed Dilsad

Leave a Comment