ප්‍රමුඛ පුවත 1

ගාල්ලේ ගින්නක්

(UTV|ගාල්ල) – ගාල්ල, පෙට්ටිගලවත්ත මාර්ගයේ පිහිටි ටයර් අලෙවි සලක ගින්නක් හට ගෙන් තිබේ.

ඊයේ රාත්‍රියේ මෙම ගින්න හට ගෙන් ඇති අතර ගින්න නිවීම සඳහා ගාල්ල දක්ෂිණ නාවික කඳවුරේ භටයින්, ගාල්ල පොලීසිය සහ ගාල්ල නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය කටයුතු කළේ ය.

ගින්න ඇති වන අවස්ථාවේ වෙළෙඳ සලේ කිසිවෙකුත් සිට නොමැත.

නමුත් ගින්න නිවීමට ගිය නිලධාරියෙක් අධික දුම හේතුවෙන් අදාළ ගොඩනැගිල්ලේ වහළෙන් වැටී තුවාල ලැබීම නිසා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

අද අලුයම 3.00ට පමණ ගින්න සම්පූර්ණයෙන් මැඩ පැවැත්වූ බව පොලිසිය පවසයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තවත් නාවිකයින් 15 දෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු ගැලරිය හෙටත් මහජනතාවට වැසේ.

Mohamed Dilsad

ජනපති යළි දිවයිනට

Mohamed Dilsad

Leave a Comment