ප්‍රමුඛ පුවත 1

කළුතරදී ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබූ සැකකරු අත්අඩංගුවේ

(UTV|කළුතර) – කළුතර තොටුපල හංදිය අසල සිදු කල වෙඩි තැබීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු ගිනි අවියක් ද සමඟ අද(03) අළුයම අත්අඩංගුවට ගත බව පොලිසිය පවසයි.

පෙරේදා රාත්‍රී 10.35 ට පමණ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු , ගාලු පාරේ හෝටලයක් ඉදිරිපිට මාර්ගයේ  දී පුද්ගලයෙකුට මෙලෙස වෙඩි තබා පලා ගොස් තිබිණි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කළේය.

තුවාලකරු වයස අවුරුදු 57 ක් වු ගාලු පාර, කළුතර ලිපිනයේ පදිංචි දොඹගහ පතිරණගේ ෆ්‍රැට්‍රික් පීරිස් නැමැත්තෙකි.

සිදු කල පරීක්‍ෂණ වලදී අනාවරණය වී ඇත්තේ මෙම වෙඩි තැබීම සඳහා පුද්ගලයින් දෙදෙනෙක් පැමිණ ඇති බවයි.

කලක සිට පැවති ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවද හෙළිව ඇත.

ඒ අනුව සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වෛද්‍ය සාෆිට එරෙහිව අධිකරණයට මෝසමක්

Mohamed Dilsad

මෙරට තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

මේ වසරේ ඩෙංගු රෝගීන් 4900ක්

Mohamed Dilsad

Leave a Comment