ප්‍රමුඛ පුවත 1

අඩුවූ බස් ගාස්තු අද සිට

(UTV| කොළඹ) – ඉන්ධන මිල පහළ දැමීමට සාපේක්ෂව පෞද්ගලික, ශ්‍රී ලංගම මෙන්ම සුඛෝපභෝගී සහ අධිවේගී මාර්ගවල අඩුවූ බස් ගාස්තුව අද සිට ක්‍රියාත්මක කෙරේ. 

ඒ අනුව බස් ගාස්තු සියයට 4.2 කින් පහත දැමුණු නමුත් අවම බස් ගාස්තුවේ වෙනසක් සිදු නොවන බව බස් සංගම් පවසයි.

බස් සංගම් සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ එකඟතාව මත මෙම බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කෙරේ.

කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ අවම ගාස්තුවේද සංශෝධනයක් කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවයි. 

ඒ අනුව අවම බස් ගාස්තුව වන රුපියල් 12 එලෙසම පවතින අතර, රුපියල් 15 සිට රුපියල් 29 දක්වා පැවති ගාස්තු අවස්ථාවන් රුපියලකින් අඩු වනු ඇත. 

මෙතෙක් පැවති රුපියල් 34 ගාස්තුව රුපියල් 32 දක්වා අඩු වන අතර රුපියල් 38 ගාස්තුව රුපියල් 37 දක්වා අඩුවී තිබේ.

රුපියල් 41 සිට රුපියල් 52 දක්වා පැවති ගාස්තු අවස්ථා රුපියල් දෙකකින් අඩු වේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ නව බස් ගාස්තු ද මේ වනවිට ප්‍රකාශයට පත් කර ඇති අතර, මහරගම සිට ගාල්ල දක්වා රුපියල් 440 ක්ද, මහරගම සිට මාතර දක්වා රුපියල් 550 ක්ද, කඩුවෙල සිට මාතර දක්වා රුපියල් 570 ක් සහ කොළඹ සිට තංගල්ල දක්වා රුපියල් 720 ක් දක්වා ගාස්තු සංශෝධනය වී ඇත.

එමෙන්ම මාතර සිට මීගමුව දක්වා රුපියල් 740ක් ලෙසත් කොළඹ සිට ගාල්ල දක්වා රුපියල් 500ක් ලෙසත් ගාස්තු අඩු කර ඇති අතර කොළඹ – මාතර රුපියල් 580 ක් දක්වා ගාස්තු අඩු කර ඇති බව බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. 

මීට අමතරව කොට්ටාව – ගාල්ල, රුපියල් 420ක් ලෙසත්, කඩවත – ගාල්ල රුපියල් 480ක් ලෙසත්, කඩවත – මාතර රුපියල් 590ක් ලෙසත් කඩුවෙල – ගාල්ල රුපියල් 460ක් ලෙසත් මිල ගණන් සංශෝධනය කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000  [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමති මංගලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්…

Mohamed Dilsad

සමාජ ජාල පරිහරණයේදී වැඩි අවධානයකින් ක්‍රියා කරන්න – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Mohamed Dilsad

අගමැති සහ විදෙස් ඇමති මෙරට විදෙස් තානාපතිවරු හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment