ප්‍රමුඛ පුවත 1

පේදුරුතුඩුව වෙඩිතැබීමෙන් පසු කලහකාරීව හැසිරුණු දෙදෙනෙක් අත්අඩංගුවට පොලිස් බංකරයටත් හානි

(උදයම්,යාපනය)  –  යාපනය පේදුරුතුඩුව මනල්කාඩු ප්‍රදේශයේදී වැලි ටිපර් රථයට වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය යාමෙන් පසු කලහකාරි ලෙස හැසුරුණු පුද්ගලයින් දෙදෙනෙකු පේදුරුතුඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මනල්කාඩු ප්‍රදේශයේ  ඉදිකොට ඇති පොලිස් මුරපොළකටද කලහකාරී ලෙස හැසුරුණු වැසියන් විසින් හානි කොට ඇති අතර මාර්ගයේ ගිනි තැබීම් කිහිපයක්ද සිදු කෙට ඇති බව වාර්තාවේ.

මෙම වෙඩි තැබීම සිදු කල උපපොලිස් පරික්ෂක වරයාගේ නිවසේ දේපල වලටද හානි කොට ඇති අතර මේ සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කල පේදුරුතුඩුව පොලීසිය විසින් දෙදෙනෙකු ඊයේ (09) රාත්‍රිය වන විට අත්අඩංගුවට ගෙන ඇත.

මේ වන විට ප්‍රදේශයේ තත්වය සම්පූරණයෙන්ම පාලනය වී ඇති අතරම පොලිස් බංකරයට පහරදුන් පිරිස් හා උපපොලිස් පරික්ෂක වරයාගේ නිවසට පැමිණ දේපල අලාබහානි සිදු කල මුහුණ බැඳගත් යතුරුපැදි කල්ලිය කව්රුන්ද යන්න පිළබඳව පුලුල් පරික්ෂණයක් ආරම්භ කර තිබේ.

ඊට අමතරව අදාල වෙඩි තැබීම සම්බන්ධයෙන්ධ පරික්ෂණයක් ආරම්භ කිරීමට යාපනය පොලීසිය විසින් පියවර ගෙන ඇත.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/07/POINT-PEDURU-11.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/07/POINT-PEDURU-22.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/07/POINT-PEDURU-01.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/07/POINT-PEDURU-02.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/07/POINT-PEDURU-03.jpg”]

Related posts

පැය 16ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

රන් බිස්කට් රැගෙන ආ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රායෝගිකයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment