ප්‍රමුඛ පුවත 1

ශිෂ්‍යත්වයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද අන්තර්ජාලයට

(UTV| කොළඹ) – 2018 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ඉදිරිපත් වූ අභියාචනා ප්‍රතිඵල අද නිකුත් කෙරේ.

එම ප්‍රතිඵල ලේඛනය අධ්‍යාපන අමාත්‍යාංශයට භාර දී ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මේ අනුව අද එම ප්‍රතිඵල ලේඛනය විභාග දෙපාර්තමේන්තුවේ www.doenets’. lk වෙබ් අඩවියේ පළ කරනු ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී. පූජිත මහතා සඳහන් කළේය.

මේ සතිය තුළ පාසල්වලට ප්‍රතිඵල ලේඛන තැපැල් කිරීමට කටයුතු යොදා ඇතැයි ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය.

මෙම වසරේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නැවත සමික්ෂණය සඳහා ඉදිරිපත් තිබු අභියාචනා සංඛ්‍යාව 35000 කට අධිකය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අධික වර්ෂාවත් සමඟ නාවලපිටිය ජලයෙන් යටවෙයි

Mohamed Dilsad

ජාතික විගණන පනතට කථානායකවරයා අත්සන් තබයි

Mohamed Dilsad

පාසල්වල සිසුන්ගේ පැමිණීම ඉහලට.

Mohamed Dilsad

Leave a Comment