ප්‍රමුඛ පුවත 1

දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු නීතිවිරෝධී ලෙස රැගෙන ආ දුම්වැටි තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සාජා සිට අද (04) අලුයම 4.30ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

ඔවුන්ගේ ගමන් මළුවල සඟවා තිබූ දුම්වැටි 48,400ක් අඩංගු කාටුන් 242ක් රේගුවේ මත්ද්‍රව්‍ය නාෂක කාර්යාංශය විසින් සොයාගෙන ඇත.

ඒවායේ වටිනාකම රුපියල් විසි හය ලක්ෂ 62,000ක් ලෙස තක්සේරු කර තිබේ.

මෙලෙස රේගු භාරයට ගෙන ඇත්තේ පුත්තලමේ පදිංචි වයස අවුරුදු 46ක් සහ 48ක් වන පුද්ගලයන් දෙදෙනෙකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විජයකලගේ ප්‍රකාශය සිංහලට පරිවර්තනය කරන්න නියෝග

Mohamed Dilsad

රනිල්ගේ එජාප නායකත්වය තවත් වසරකට දික් කරයි

Mohamed Dilsad

අධිවේගී මාර්ගවලින් වාර්තාගත ආදායමක්

Mohamed Dilsad

Leave a Comment