ප්‍රමුඛ පුවත 1

දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු නීතිවිරෝධී ලෙස රැගෙන ආ දුම්වැටි තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සාජා සිට අද (04) අලුයම 4.30ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

ඔවුන්ගේ ගමන් මළුවල සඟවා තිබූ දුම්වැටි 48,400ක් අඩංගු කාටුන් 242ක් රේගුවේ මත්ද්‍රව්‍ය නාෂක කාර්යාංශය විසින් සොයාගෙන ඇත.

ඒවායේ වටිනාකම රුපියල් විසි හය ලක්ෂ 62,000ක් ලෙස තක්සේරු කර තිබේ.

මෙලෙස රේගු භාරයට ගෙන ඇත්තේ පුත්තලමේ පදිංචි වයස අවුරුදු 46ක් සහ 48ක් වන පුද්ගලයන් දෙදෙනෙකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉතාලි යුද නෞකාවක් කොළඹ වරායට

Mohamed Dilsad

අද පස්වරුවේ වැසි සමඟ තද සුළං

Mohamed Dilsad

අර්බුද මැද පාර්ලිමේන්තුව අදත් පස්වරු 1ට රැස්වේ

Mohamed Dilsad

Leave a Comment