ප්‍රමුඛ පුවත 1

ඊලාම් සිතියම සහිත ඇඳුමක් ඇඳි පුද්ගලයෙකු සොයා පරීක්‍ෂණ

(UTV| කොළඹ) – ඊයේ (27) යාපනයේ කෝපායි ප්‍රදේශයේ පවත්වන ලද මහවිරු උළෙලට ඊළාම් සිතියම සහිත ඇදුමක් පැළදගෙන පුද්ගලයෙකු පැමිණ තිබූ බව වාර්තාවේ.

ආරක්ෂක අංශ විසින් ඒ මොහොතේම එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා සෝදිසි කිරීම් සිදු කර තිබුණත් ඔහු කෙසේ හෝ  එම භුමියෙන් පලාගොස් සිටි බව අප වාර්තාකරු පැවසීය.

අනුව මෙවැනි ඇදුම් විශාල ප්‍රමාණයක් මුද්‍රණය කොට විවිධ පළාත්වල මහවිරු උළෙලවල්වලට සහභාගී වන පුද්ගලයින් අතර බෙදා දීමට සංවිධායකවරුන් සූදානම්ව සිටි බවට ආරක්‍ෂක අංශ වෙත තොරතුරු වාර්තාවී ඇත.

ඒ අනුව යාපනය දිසා විනිසුරුවරයා ලබා දුන් නියෝගයේ එවැනි සිතියම් භාවිත කිරීම තහනම් බව සැලවීමත් සමගම සංවිධායකවරුන් එම ඇදුම ජනතාව අතර බෙදා දීම අත්හිටුවා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිලිබඳ විවාදයේ තුන් වන දිනය අදයි.

Mohamed Dilsad

සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

ඉන්දීය අගමැති අද දිවයිනට

Mohamed Dilsad

Leave a Comment