ප්‍රමුඛ පුවත 1

ඉන්දීය අගමැති අද දිවයිනට

(UTV|කොළඹ ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද දිවයිනට පැමිණීමට නියමිතය.

ඒ අනුව අග්‍රාමාත්‍ය මෝදි පිලිගැනීමේ උත්සවය අද දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙන බව  ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මෙහිදී දෙරටේ රාජ්‍ය නායකයින්ගේ නිල හමුවකද පැවැත්වේ.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත විශේෂ දිවා භෝජන සංග්‍රහයක් පිළිගැන්වීමට ද නියමිතය.

දෙවන වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදි පළමු රාජ්‍ය තාන්ත්‍රික හමුවට එක්වූයේ ද ජනාධිපතිවරයා සමග වන අතර, එහිදී කළ නිල ආරාධනයට අනුව ඔහු මෙරට සංචාරයක නිරත වන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාවෙන් අනතුරුව මෙරට සංචාරය කරන පළමු විදේශීය රාජ්‍ය නායකයා වන්නේ ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයායි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අඩු කරන ලද ත්‍රිරෝද රථ ගාස්තුව අද (03) සිට ක්‍රියාත්මක වෙයි.

Mohamed Dilsad

රත්ගම ව්‍යාපාරිකයින්ගේ ඥාතීන් පොලිස් කොමිසමට ප්‍රකාශ ලබාදෙයි

Mohamed Dilsad

TNA නියෝජිතයින් සහ ජනාධිපති අතර හමුවක්(වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment