ප්‍රමුඛ පුවත 1

ඥාණසාර හිමි අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

(උදයම්,කොළඹ)  – බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමීන් වහන්සේ අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කෙරේ.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් අද (15) පෙරවරුවේ මෙම වරෙන්තුව නිකුත් කර ඇති බව අප අධිකරණ වාර්තාකරු  සඳහන් කරයි.

පවතින නඩු දෙකක් සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි.

කුරාණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත ප‍්‍රකාශයක් සිදු කිරීම හා ජාතික බල සේනා සංවිධානය පැවැත්වූ මාධ්‍ය හමුවකට බලහත්කාරයෙන් කඩා වැදීම යන සිද්ධීන් දෙකට අදාළව උන්වහන්සේට එරෙහිව මෙම නඩු දෙක පවරා තිබේ.

එම නඩු අද (15) කැඳවූ අවස්ථාවේ ඥාණසාර හිමියන් අධිකරණයේ පෙනී නොසිටි අතර උන්වහන්සේ නීතිඥවරයෙකු මාර්ගයෙන් අධිකරණයට දැනුම් දුන්නේ පවතින මරණ තර්ජන හේතුවෙන් අධිකරණයට නොපැමිණෙන බවය.

කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න, ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබේ.

මෙම නඩුව අගෝස්තු මස 10 වැනිදා යළි කැඳවීමට නියමිතය.

Related posts

ජනාධිපති අපේක්ෂකයින් අද මැතිවරණ කොමිසමට හමුවට

Mohamed Dilsad

විදෙස් මුදල් තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

මුද්‍රණ පත්‍රිකා හිඟයක් නිසා සා.පෙළ සිසුන්ට තාවකාලික සහතිකයක්

Mohamed Dilsad

Leave a Comment