ප්‍රමුඛ පුවත 1

මුද්‍රණ පත්‍රිකා හිඟයක් නිසා සා.පෙළ සිසුන්ට තාවකාලික සහතිකයක්

 

(UTV | කොළඹ) – ජාතික හැඳුනුම්පත් මුද්‍රණය කරන පත්‍රිකා හිඟයක් මතුව තිබීම හේතුවෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් තාවකාලික සහතිකයක් නිකුත් කිරීමට තීරණය කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

ජාතික හැඳුනුම්පත් මුද්‍රණය කරන පත්‍රිකා මිලියනයක් ඇනවුම් කර ඇතත් ඒවා මෙතෙක් එය ලැබී නොමැති බව වාර්තා වේ.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ විභාගයට පෙනී සිටීම සඳහා එම තාවකාලික සහතිකය වලංගු වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයාට දැනුම්දී ඇති බවයි.

ලබන නොවැම්බර් මස පළමු සතිය තුළ එම තොග ලැබෙනු ඇති බව අපේක්ෂා කරන බව වැඩිදුරටත් වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාතර ස්වර්ණාභරණ කොල්ලයට සම්බන්ධ තවත් තිදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

මනාප අංක ගැසට් නිවේදනය අද

Mohamed Dilsad

නීති අධ්‍යාපනය පාසල් විෂය නිර්දේශයට

Mohamed Dilsad

Leave a Comment