ප්‍රමුඛ පුවත 1

විදුලිය ඇණ හිටියත් කළුවරේ දිළිසුනු මැණික් තොගයක්

(UTV| කොළඹ) – මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස මැලේසියාවට රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (07) දින දහවල් කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 43 හැවිරිදි බේරුවල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි.

ඔහු සිය ගමන් මල්ලේ මෙන්ම, සිය සිරුරේ ගුද මාර්ගයේ ද පසිංගල්, පච්ච, නිල් මැණික් , දියමන්ති , මරකත සහ පුෂ්පරාග යන වර්ග වලට අයත් රුපියල් 15,46,510 ක් වටිනා , කැරට් 298 ක් පමණ බර මෙම මැණික් තොගය සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ස්ටැන්ලි සේනාරත්න මහතාගේ උපදෙස් මත , මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

 

Related posts

පාර්ලිමේන්තුවේ ගෑස් කාන්දු භියක්

Mohamed Dilsad

ජාතිකවිරුවන් නම්කරන්න පංච පුද්ගල කමිටුවක්

Mohamed Dilsad

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment