ප්‍රමුඛ පුවත 1

ජාතිකවිරුවන් නම්කරන්න පංච පුද්ගල කමිටුවක්

(උදයම්,කොළඹ) – ජාතිද්‍රෝහීන් ලෙස නම් කළ හෙළ විරුවන් ජාතික වීරවරයන් ලෙස නම් කිරීම සොයා බැලීම සහ ඊට නිර්දේශ ලබාදීමට පංච පුද්ගල කමිටුවක් පත් කෙරේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි පත්කර ඇත.

මෙම කමිටුවේ සභාපතිනිය ලෙස පත්ශ්‍ කර ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විශ්‍රාමලත් මහාචාර්ය මාලනී ඇඳගමය.

ඉංගී‍්‍රසින්ට එරෙහිව 1818 කන්ද උඩරට නිදහස් සටන හා 1848 ඌව වෙල්ලස්ස නිදහස් සටනට නායකත්වය දුන් විරුවන් ඉංගී‍්‍රසි ආණ්ඩුව විසින් ජාතිද්‍රෝහීන් ලෙස නම්කර තිබුණි.

නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බ්‍රිතාන්‍ය ආණ්ඩුව නිකුත් කළ ඊට අදාළ ප්‍රකාශය පසුගියදා කොළඹ දී අත්සන් කළ විශේෂ ප්‍රකාශයක් මගින් අවලංගු කරනු ලැබීය.

ඒ අනුව අධිරාජ්‍යවාදීන් විසින් දේශද්‍රෝහීන් ලෙස නම් කර තිබූ කැප්පෙටිපොල අදිකාරම් ඇතුළු 19 දෙනෙකු රණශූරයන් ලෙස නම් කිරීමට පසුගියදා පියවර ගත්තේය.

මෙහිදී කැප්පෙටිපොල අදිකාරම්, කිව්ලෙගෙදර මොහොට්ටාල, බූටෑවේ රටේ රාල ඇතුළු දේශනුරාගයෙන් සටන් වැදුණු වීරවරයන් 19 දෙනෙකු රණශූරයන් ලෙස මේ වනවිට නම් කර තිබේ.

Related posts

උසස් පෙළ සිසුවෙකු සියදිවි නසා ගැනීමේ උත්සහක

Mohamed Dilsad

ඇමති විමල්ට එරෙහි නඩුව කල් යයි

Mohamed Dilsad

කිරිපිටි මිල ඉහළ දැමීමට අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment