ගොසිප්ප්‍රමුඛ පුවත 1

ප්‍රජාතන්ත්‍රවාදය නෙමේ ජනතාවට ඕනේ තුන් වේල කාල ඉන්නයි – මුත්තයියා කට අරී

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ බහුතරයක් ජනතාව දේශපාලකයන්ගෙන් ඉල්ලන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, අයිතීන් වැනි කරුණු නොව තුන්වේල අහාර ගෙන දරුවන්ට අධ්‍යාපනය ලබා දිය හැකි ආර්ථික වටපිටාවක් බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි.

උතුරේ මෙන් ම දකුණේ දේශපාලකයන් ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු නොකර වෙනත් කරුණු ගැන අවධානය යොමු කිරීම තමන්ට ගැටලුවක් බව මුරලිදරන් පවසයි.

ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු පමණක් නොව ලෝකයේ වැඩි ම කඩුලු දවා ගත් පන්දු යවන්නා ද වන මුත්තයියා මුරලිදරන් මේ බව පැවසුවේ, තම අවසන් තරගයට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ රංගන හේරත් හා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය ගැන බීබීසි පුවත් සේවය සමග පැවැත්වූ සාකච්ඡාවක් අතරතුරය.

“දෙපැත්තෙන් ම වැරදි වුණා”

“මිනිස්සු මට බනියි. මේකට ප්‍රජාතන්ත්‍රවාදය, අයිතීන්, නීතිය වගේ කරුණු දෙවනුවට බලන්න ඕනේ, පාර්ලිමේන්තුවට ඒ පළාත්වලින් නියෝජිතයෝ යවලා මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න කියලා ඉල්ලන්නේ නැහැ, ඔවුන් අහන්නේ කෝ කෑම තුන්වේලක්, කෝ ළමයින්ට හොඳ ඉගෙනීමක් වගේ කරුණු,” මුරලිදරන් කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ සිව් දෙනෙක් ජනපතිට අක්ත පත්‍ර භාරදෙති

Mohamed Dilsad

TNA සහ TPA අතර සාකච්ඡා

Mohamed Dilsad

පස්වරුවේ දුම්රිය 22ක් ධාවනයට

Mohamed Dilsad

Leave a Comment