ප්‍රමුඛ පුවත 1

පස්වරුවේ දුම්රිය 22ක් ධාවනයට

(UTV |කොළඹ) – අද පෙරවරුවේ කාර්යාල දුම්රිය 12ක් පමණ ධාවනය කෙරුණද පස්වරුවේ කාර්යාල දුම්රිය 22ක් ධාවනය කල හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ දුම්රිය රියැදුරන් 22 දෙදෙනෙකු අද(04) දින සේවයට වාර්තා කර ඇති බවයි.

කෙසේවෙතත් දුර ගමන් සේවා සහ තැපැල් දුම්රිය සේවා යථා තත්වයට පත්කිරීමට මෙම සතිය තුළ නොහැකි වන බවද ඔහු සඳහන් කළේය.

ඊයේ(03)දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමේ අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරිණි.

මේ අතර අද පෙරවරුවේ දුම්රිය රියදුරන් සහ නිලධාරීන් අතර තවත් සාකච්ඡාවක් පවත්වා තිබේ.

එම සාකච්ඡාවේ ප්‍රථිපලය ගැන මෙතෙක් තොරතුරු වාර්තා නොවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ළමා ආරක්ෂක අධිකාරිය මුදල් ඉපයීමට දරුවන් යොදාගැනීම පිළිබඳ සොයා බලයි

Mohamed Dilsad

මුල්ලෙරියාවේ වෙඩි තැබීමක්.පුද්ගලයෙකු මරුට

Mohamed Dilsad

රංගේබණ්ඩාරගෙන් රජයට චෝදනාවක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment