ප්‍රමුඛ පුවත 1

ඉන්දන මිල සුත්‍රය මින් ඉදිරියට නෑ – ඩලස් අලහප්පෙරුම

(UTV| කොළඹ) – ඉන්ධන මිල සූත්‍රය වත්මන් ආණ්ඩුව තුළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

කොළඹ අද(30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ “ජනතාව මින් පසු යක්ෂයාගේ දිනයට භය වෙන්න ඕනේ නැහැ. යක්ෂයාගේ දිනය 10 වෙනිදා. යක්ෂයාගේ දිනයට භය වෙන්න එපා, තැති ගන්න එපා. මිල සූත්‍රය මීට පස්සේ මල සූත්‍රයක් බවට පත්වේවි“යනුවෙනි.

ඉන්ධන මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍ර ක්‍රමවේදය 2018 මැයි 10 දින සිට ක්‍රියාවට නංවනු ලැබූ අතර හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගිය ඔක්තෝබර් 18 දින මේ සඳහා යොදු ගනු ලබන ගණිතමය සූත්‍රය මුල් වරට හෙළි කර සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අන්තර්ජාලය හා සම්බන්ධ පැමිණිලි 260ක්

Mohamed Dilsad

පහළ ගිය ඉන්ධන ගාස්තු අද සිට

Mohamed Dilsad

ජනපති සහ විදෙස් තානාපතිවරුන් අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment