ප්‍රමුඛ පුවත 1

පහළ ගිය ඉන්ධන ගාස්තු අද සිට

(UTV| කොළඹ) –  ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් පහත දැමුණි.

මෙම මිල අඩු කිරීමත් සමඟ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 125 කටත්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 149 කටත් අලෙවි කෙරෙනු ඇත.

තවද ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 101 ක් වන අතර, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 121 දක්වා පහත දැමුණි.

මේ අතර, IOC සමාගම ද ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරක මිල රුපියල් 10කින් අඩු කරනු ලැබීය.

ඊට අමතරව සුපර් ඩීසල් රුපියල් 10කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින් අඩු කර තිබේ.

ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව ප්‍රවාහන සේවයේ වෘත්තීය සමිති තම ගාස්තු අඩු කිරීම පිළිබදව මේ වන විට සාකච්ඡා සිදුකරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාකිස්තානු විදේශ අමාත්‍යවරයා දිවයිනට

Mohamed Dilsad

වීසා ලබාදීමේ ක්‍රමවේදය සංශෝධනය වෙයි

Mohamed Dilsad

අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාට එරෙහිව තවත් විශ්වාසභංගයක්

Mohamed Dilsad

Leave a Comment