ප්‍රමුඛ පුවත 1

ජනපති සහ විදෙස් තානාපතිවරුන් අතර හමුවක්

(UTV| කොළඹ) – ශ‍්‍රී ලංකාව තුළ මේ වනවිට ඇතිවී තිබෙන දේශපාලන තත්ත්වය පිළිබඳ විදෙස් තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් දැනුවත් කිරීමේ හමුවක් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

නව අග‍්‍රාමාත්‍යවරයෙක් පත්කිරීමට ගත් තීරණයට හේතු වූ ඉකුත් රජයේ පැවති ගැටලු සහගත තත්ත්වය පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා එම තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් දැනුවත් කළේය.

විදෙස් තානාපතිවරුන් කිහිප දෙනෙකු අදහස් දක්වමින් සඳහන් කර සිටියේ රටේ ව්‍යවස්ථාවට අනුකූලව සහ රට තුළ සාමය ආරක්ෂා වන පරිදි කටයුතු සිදු විය යුතු බව ඔවුන් අපේක්ෂා කරන බවයි.

රටේ පවතින ව්‍යවස්ථාවට අනුකූලව හා තමන් වෙත පැවරී ඇති බලතල අනුව අග‍්‍රාමාත්‍යවරයා පත්කිරීම සිදුකළ බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා, නව රජය ලෙස නොබැඳි පිළිවෙත අනුව සියලු රටවල් සමග පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් ව පවත්වාගෙන යාමට සහ රජයේ සංවර්ධන කටයුතු සඳහා සෑම රටකම සහය අපේක්ෂා කරන බව ද කියා සිටියේය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම්, මාධ්‍ය නිදහස, සාමය සහ සියලු ජාතීන් අතර සහජීවනය තව දුරටත් තහවුරු කරමින් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම නව රජයේ බලාපොරොත්තුව බව ද ජනාධිපතිතුමා මෙහිදී වැඩි දුරටත් සඳහන් කළේය.

ශ‍්‍රී ලංකාවේ සිටින සියලුම විදෙස් තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් මෙම හමුවට එක්ව සිටි අතර, සරත් අමුණුගම සහ මහින්ද සමරසිංහ යන අමාත්‍යවරුන් ද මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ද ඊට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපතිවරණ ඡන්ද විමසීම සදහා සියලු කටයුතු සූදානම්

Mohamed Dilsad

මරණ දඬුවම අහෝසි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

රජයේ මිනින්දෝරුවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

Mohamed Dilsad

Leave a Comment