ප්‍රමුඛ පුවත 1

මාධ්‍ය ත්‍රස්තවාදය වැළක්විය යුතුයි.නියෝජ්‍ය ඇමති අබ්දුල් මහරුෆ් කියයි

(UTV| කොළඹ) – දැනට රටේ පවතින මාධ්‍ය ත්‍රස්තවාදය වහාම නතර කලයුතු බව වරාය හා නාවික කටයුතු පිලිබඳ නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල් මහරුෆ් පවසයි.

මේ දිනවල වැඩි වශයෙන් කතා බහට ලක් වෙන්නේ ඇමති රිෂාඩ්ට එරෙහිව ගෙන ආ විශ්වාස භංගය පිළිබඳවයි.එයින් පෙනෙන්නේ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට ඇති දේශපාලන ඉරිසියාව බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා තිබේ.

සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල් මහරුෆ් මේ බව පැවසුවේ අට්ටාලච්ඡේන ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමිනි.

ඔලුවිල් ප්‍රදේශයේ ඉඩම් අහිමිවූවන් වෙනුවෙන් වන්දි මුදල් ප්‍රධානය කිරීම අද (20) අට්ටාලච්ඡේන ප්‍රදේශයේදී සිදු කෙරුණි.

මෙහිදී රුපියල් මිලියන 34.4ක් පුද්ගලයින් 20 දෙනෙකු අතරේ බෙදා දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජ්‍ය ආයතනවල මූල්‍ය හා කාර්ය සාධනය ඇගයීම සම්මාන උළෙල අදයි

Mohamed Dilsad

විදෙස් රටවලින් පැමිණි ශ්‍රී ලාංකිකයින් 179ක් නිරෝධායනයට යොමු කරයි

Mohamed Dilsad

කොකේන් භාවිත කරන කිසිවෙකු දැන් පාර්ලිමේන්තුවේ නෑ -කමිටු සභාපති

Mohamed Dilsad

Leave a Comment