ප්‍රමුඛ පුවත 1

සාර්ථක සංචාරයකින් අනතුරුව ඉන්දුනිසියානු ‍නාවික නෞකා “උස්මාන් හරුන්” නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

(UTV| කොළඹ) – සුහද සංචාරයක් සඳහා පසුගිය ඔක්තෝබර් 20 වන දින කොළඹ වරායට සේන්දු වූ ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් “උස්මාන් හරුන්” නෞකාව සාර්ථක සංචාරයකින් අනතුරුව ඊයේ (ඔක්තෝබර් 22) දිවයිනෙන් පිටත් විය. එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව වෙත සමුදීම සිදු කරන ලදී.

තවද, පසුගිය ඔක්තෝබර් 21 වන දින නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් ඇලන් ඩැහලැන් මහතා ඇතුළු ඉන්දුනීසියානු නෞකාවේ නිලධාරින් පිරිස බටහිර නාවික විධාන මූලස්ථානයේදී, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා හමුවිය. එහිදී ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසදරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

එමෙන්ම, තෙදින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකාවේ කාර්ය මණ්ඩලය, දිව‍යිනේ රැදී සිටි කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කළ වැඩසටහන් කිහිපයකට ද සහභාගිවූ අතර, ශ්‍රී ලංකාවේ ආගමික හා සංස්කෘතිකමය අතින් වැදගත් ස්ථාන කිහිපයක් නැරඹීමටද  සහභාගී වන ලදී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හජ්ජි උත්සවය ‌වෙනුවෙන් ජනපති හා අගමැතිගෙන් සුභාශිංසන පණිවිඩ

Mohamed Dilsad

සයිටම් ගැටලුවට සාධාරණ විසදුමක් දෙන බවට ජනපතිගෙන් GMOAට පොරොන්දුවක්

Mohamed Dilsad

කංජිපානි ඉම්රාන්ව තවත් දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment