ප්‍රමුඛ පුවත 1

සාර්ථක සංචාරයකින් අනතුරුව ඉන්දුනිසියානු ‍නාවික නෞකා “උස්මාන් හරුන්” නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

(UTV| කොළඹ) – සුහද සංචාරයක් සඳහා පසුගිය ඔක්තෝබර් 20 වන දින කොළඹ වරායට සේන්දු වූ ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් “උස්මාන් හරුන්” නෞකාව සාර්ථක සංචාරයකින් අනතුරුව ඊයේ (ඔක්තෝබර් 22) දිවයිනෙන් පිටත් විය. එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව වෙත සමුදීම සිදු කරන ලදී.

තවද, පසුගිය ඔක්තෝබර් 21 වන දින නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් ඇලන් ඩැහලැන් මහතා ඇතුළු ඉන්දුනීසියානු නෞකාවේ නිලධාරින් පිරිස බටහිර නාවික විධාන මූලස්ථානයේදී, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා හමුවිය. එහිදී ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසදරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

එමෙන්ම, තෙදින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකාවේ කාර්ය මණ්ඩලය, දිව‍යිනේ රැදී සිටි කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කළ වැඩසටහන් කිහිපයකට ද සහභාගිවූ අතර, ශ්‍රී ලංකාවේ ආගමික හා සංස්කෘතිකමය අතින් වැදගත් ස්ථාන කිහිපයක් නැරඹීමටද  සහභාගී වන ලදී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අරුවක්කාඩුව කසල අංගනයට පුත්තලමේදී විරෝධතා දැක්වූවන්ට බැටන් පොලු ප්‍රහාර

Mohamed Dilsad

මහනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 05 කට නායයාමේ අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

ජන බලයෙන් උණුසුම් වූ පාර්ලිමේන්තුව කල් තැබේ

Mohamed Dilsad

Leave a Comment