ප්‍රමුඛ පුවත 1

LTTE සලකුණ සහිත අත්පත්‍රිකා යාපනය පුරා බෙදයි

(UTV| කොළඹ) – දෙමළ මහජන සභාව නමින් LTTE සලකුණ යොදා අත් පත්‍රිකාවක් යාපනය නගරයේ බෙදා හැර ඇති බව වාර්තාවේ.

මෙම දෙමළ මහජන සභාවේ නායකත්වය දරන්නේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා විසිනි.

යාපනය ආරක්ෂක අංශ පැවසුවේ ඔක්තෝම්බර් 24 වැනිදා පැවැත්වීමට නියමිත රැස්වීමක් සම්බන්ධයෙන් දැනුවත් කිරීම වෙනුවෙන් අදාළ අත්පත්‍රිකාව බෙදා හැර ඇති බවයි.

මහා නැගිටීම,නායකයින්ගේ මාසයේ,දෙමළ ජනතා පෙරමුණ නායකයින්ගේ දෑත් ශක්තිමත් කිරීමට එක්වෙන ලෙසට අදාළ පත්‍රිකාවේ ලියා ඇති බවද ආරක්ෂක අංශ කියයි.

මේ අතර විග්නේශ්වරන් මහතා නායකත්වය දරන උතුරු පළාත් සභාවේ ධූර කාලය 24 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් නිමාවීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කේරල ගංජා සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

නව කොරෝනා ආසාදිතයින් 8 ක් සොයාගැනේ

Mohamed Dilsad

2020න් පසු මේ රට පාලනය කරන්නේ එක්සත් ජාතික පක්ෂයයි – අධ්‍යාපන ඇමති

Mohamed Dilsad

Leave a Comment