ප්‍රමුඛ පුවත 1

නාලක ද සිල්වා සිව්වැනි දිනටත් CIDයට කැඳවයි

(UTV| කොළඹ) – ත්‍රස්ත විමර්ශන අංශය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාව අද (23) සිව්වැනි දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවා තිබේ.

ඊයේ (22) තෙවැනි දිනටත් අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව වෙත කැඳවා තිබු එ මහතාගෙන් පැය නවයකට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නාලක ද සිල්වා මහතාගෙන් පැය 28කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න ද අල්විස් මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියමින් නාමල් කුමාර නම් පුද්ගලයකු කළ පැමිණිල්ලක් අනුව රහස් පොලිසිය මෙම විමර්ශනය පවත්වයි.

මෙම විමර්ශන යන අතරතුරු චෝදනා එල්ල වී ඇති නියෝජ්‍ය නාලක සිල්වා මහතාගේ වැඩ තහනම් කිරීමට ද පොලිසිය කටයුතු කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2019 අයවැය සදහා අනුමැතිය ලබාගැනීමේ පත‍්‍රිකාව අද කැබිනට් මණ්ඩලයට.

Mohamed Dilsad

ලබන වසරේ රජයේ වියදම් සඳහා වන අතුරු සම්මත ගිණුම සම්මතයි

Mohamed Dilsad

ශාන්ත අබේසේකර යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment