විදෙස්

ලොව දීර්ඝතම සෘජු ගුවන් ගමන් අද ඇරඹේ

(UTV|සිංගප්පූරුව) – ලොව දීර්ඝතම සෘජු ගුවන් ගමන අද (11) ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ඒ, සිංගප්පූරුව සහ නිව් යෝර්ක් අතරය.

අධික පිරිවැය හේතුවෙන් අත්හිටුවා තිබූ මෙම ගුවන් ගමන, සිංගප්පූරු ගුවන් සමාගම විසින් වසර 5කට පසුව යළිත් ආරම්භ කරනු ලබයි.

එම ගුවන් ගමන කිලෝ මීටර් 15000කට අධික දුර ප්‍රමාණයකින් යුක්ත වේ. ඊට ගත වන කාලය පැය 18යි මිනිත්තු 25ක් ලෙස අනුමාන කරයි.

සිංගප්පූරුවේ චන්ගි ගුවන් තොටුපොළේ සිට නිව් යෝර්ක්හි ‘නිවෝර්ක්’ ගුවන් තොටුපොළ දක්වා පියාසර කෙරෙන මෙම මංගල ගුවන් ගමන සඳහා විශාල ඉල්ලුමක් පැවති බව සිංගප්පූරු ගුවන් සමාගම පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චීනයේ හුබෙයි ප්‍රාන්තයේ පාසල් අද සිට යළි විවෘත වෙයි

Mohamed Dilsad

ඇල්ජීරියා ගුවන් අනතුරින් 250 කට වැඩි පිරිසක් මරුට

Mohamed Dilsad

ඊශ්‍රායලයේ දෙවන මහමැතිවරණයේ ප්‍රතිඵල සුදානම්

Mohamed Dilsad

Leave a Comment