ප්‍රමුඛ පුවත 1

හශීස් සමඟ අයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – හෂීස් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (01) දින අලුයම ඔහු ඉන්දියාවේ චෙන්නායි සිට මෙරටට පැමිණ තිබේ.

මොහු මහනුවර , කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

ඔහු අද අලුයම 5.00 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 126 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මලු දෙකක් තුළ වූ , ටී – ෂර්ට් තොගයක් තුළ , මෙම හෂීස් , පාර්සල් 04 ක් ලෙස සකස් කර සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයා ගෙන අත්අඩංගුවට ගෙන තිබේ.

එහි රුපියල් ලක්ෂ 11 ක් වටිනා කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 100 ක් බර හෂීස් තොගයක් තිබූ බව ගුවන්තොටුපල රේගුව පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ATM යන්ත්‍ර හරහා සිදුකරන මුදල් ජාවාරමක්.විමසිලිමත් වන්න

Mohamed Dilsad

මරණ දඬුවම අහෝසි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අද

Mohamed Dilsad

Leave a Comment