ප්‍රමුඛ පුවත 1

කොතලහිඹුටු දැව සමග විදේශිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

( උදයම්,කොළඹ)  – කොතලහිඹුටු දැවයෙන් සාදන ලද කෝප්ප 16 ක් චීනයට රැගෙන යාමට උත්සාහ කළ චීන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව අත්අඩංගුවට ගනී.

ඊයේ රාත්‍රියේ මෙම චීන ජාතිකයා අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු විසින් රැගෙනයාමට උත්සහ කළ කොතලහිඹුටු දැව වල වටිනාකම රුපියල් එක් ලක්ෂ හැටදහසකි.

33 හැවිරිදි මෙම චීන ජාතිකයා මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ සේවය කරන නිලධාරියෙකු බවටද අනාවරණ වී ඇත.

මෙම භාණ්ඩ රාජසන්තක කෙරුණු අතර සැකකරු මුදාහැර තිබේ.

Related posts

පොලිස් නිලධාරියෙකුට පහර දුන් 3ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ග‍්‍රාමීය වැව් 2400 ක් ප‍්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භය අදයි

Mohamed Dilsad

කැබිනට් රැස්වීම වර්ජනය කිරීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment