ප්‍රමුඛ පුවත 1

ග‍්‍රාමීය වැව් 2400 ක් ප‍්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භය අදයි

(UTV|කුරුණෑගල) – එල්ලංගා පද්ධති මගින් සබැඳුණ ග‍්‍රාමීය වැව් 2400 ක් ප‍්‍රතිසංස්කරණය කිරීමේ මහා වාරි සත්කාරයේ සමාරම්භය සහ වයඹ ඇළ ව්‍යාපෘතියේ දෙවන අදියරේ කටයුතු ආරම්භ කිරීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (24) පෙ.ව 10.00 ට යෙදෙන සුබ මොහොතින් පොල්පිතිගම, කුඹුකුලාව වැව් පරිශ‍්‍රයේ දී සිදු කෙරේ.

ග‍්‍රාමීය වැව් 2400 ක් ප‍්‍රතිසංස්කරණය කරන එල්ලංගා පද්ධති ව්‍යාපෘතිය යනු, වියළි කලාපය තුළ මේ වන විට අකී‍්‍රය වී ඇති එල්ලංගා වැව් පද්ධතින් නැවත ප‍්‍රතිසංස්කරණය කර එම ප‍්‍රදේශවල ජනතාවට වාරි ජලය සැපයීම වෙනුවෙන් ඇරඹු ව්‍යාපෘතියකි.

ශ‍්‍රී ලංකාව සතු ගම කේන්ද්‍රකරගත් වාරි තාක්ෂණය හෙවත් එල්ලංගා ගම්මාන ක‍්‍රමවේදය එක්සත් ජාතින්ගේ ආහාර සහ කෘෂිකර්මය පිළිබඳ සංවිධානය මගින් ද ලොව වැදගත් කෘෂිකාර්මික උරුමයක් ලෙස හඳුනාගෙන තිබෙන අතර ශ‍්‍රී ලංකාවට අනන්‍ය වූ මෙම සම්ප‍්‍රදායික කෘෂි තාක්ෂණික ක‍්‍රමවේදය මගින් මෙරට කෘෂිකර්මාන්තයේ සහ කෘෂි ආර්ථිකයේ පිබිදීමක් ඇති කිරීමේ අරමුණින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීම යටතේ ව්‍යාපෘතිය කි‍්‍රයාවට නංවා තිබේ.

මේ යටතේ කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ පමණක් වැව් 300 ක් ප‍්‍රතිසංස්කරණය කිරීමට නියමිත අතර පොල්පිතිගම කුඹුකුලාව වැවේ ප‍්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමත් සමග එම කටයුතු ආරම්භ කෙරේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කංජිපානි ඉම්රාන් අධිකරණ හමුවට

Mohamed Dilsad

ආක්‍රමණශීලී දළඹු විශේෂයක්,හඳුනාගත හොත් දන්වන්න

Mohamed Dilsad

නව දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල සඳහා ගිවිසුමක් අත්සන් කෙරේ

Mohamed Dilsad

Leave a Comment