ප්‍රමුඛ පුවත 1

කැබිනට් රැස්වීම වර්ජනය කිරීමට සුදානම්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් අද (10) පැවැත්වෙ කිරීමට තීරණය කරයි.

ඊයේ (09) පක්ෂයේ මධ්‍යම කාරක සභාව පැවැත්වුණි.

එහිදී තීරය කර ඇත්තේ අද පැවැත්වෙන කැබිනට් රැස්වීම වර්ජනය කිරීමටයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිළ නිවසේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ රාත්‍රියේ රැස්වුණි.

එම හමුව පැය 04කට ආසන්න කාලයක් පැවතුණි.

මෙහිදී  නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් ජාතික ආණ්ඩුව තුළ සිටින්නේ ද නැද්ද යන්න පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

පක්ෂයේ හිටපු මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා, නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට මධ්‍යම කාරක සභා රැස්වීමේදී යෝජනා කර ඇත.

එම යෝජනාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික අමාත්‍ය එස්.බී. දිසානායක මහතා විසින් ස්ථීර කර තිබේ.

මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව හෙට (11)දිනයේ නැවත රැස්වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් වස්කඩුවේදී 06 කට ජීවිත අහිමි වෙයි

Mohamed Dilsad

අගමැති රනිල් යළි අගමැති බලාපොරොත්තුවක

Mohamed Dilsad

පැය 16ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment