ප්‍රමුඛ පුවත 1

හෙට සිට ජාතික මදුරු මර්දන සතියක්

(UTV| කොළඹ) – සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ඩෙංගු මර්දනය පිලිබද ජනාධිපති කාර්ය සාධක බලකාය ඒකාබද්ධව හෙට (26) සිට ඔක්තෝබර් 02 දක්වා ජාතික මදුරු මර්දන සතිය  ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ ඊසාන දිග මෝසම් වර්ෂාවත් සමඟ ඉහළ යා  හැකි ඩෙංගු රෝගීන් සංඛ්‍යාව අවම කීරීමේ අරමුණ ඇතිවය.

“ඩෙංගු වලින් තොර රටක්” යන තේමාව යටතේ මෙය ක්‍රියාත්මක කෙරෙන අතර මෙම සතිය තුලදී  තෝරාගත් අවදානම් කලාප වල පරීක්ෂාව සිදු කිරීමට බලාපොරොත්තුවේ.

ඊට දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ 175ක ක්‍රියාත්මක කිරීමට කටයුතු සලසා ඇත.මෙහිදී ප්‍රජා දායකත්වය වැදගත් සාධකයක්  වු බවද  සෞඛ්‍ය  අංශ සඳහන් කරයි.

මෙම පරීක්ෂණ කටයුතු සදහා ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය සහ ප්‍රජා සෞඛ්‍ය කණ්ඩායම්, සාමාජිකයන් 6000කගේ දායකත්වය ලබාගන්නා අතර ගම් මට්ටමින් ග්‍රාම නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන්ගේද  සහයෝගය ලබා ගැනේ.

මෙහිදී පාසල් හා ඉදිකිරීම් පරිශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් සැප්තැම්බර් 28 වන සිකුරාදා දිනය පාසල් පරීක්ෂාවටද, 29 වන සෙනසුරාදා දිනය ඉදිකිරීම් පරික්ෂාවද සිදු කරනු ඇත.

2018 වර්ෂය තුල ඩෙංගු රෝගීන් වාර්ථාවීමේ සැලකිය යුතු අඩුවීමක් පෙන්නුම් කළ බවත් 2017 වර්ෂය සමඟ සැසදීමේදී 70% පමණ අඩුවීමක් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

 

Related posts

2025 වන විට අධ්‍යාපනයට අය-වැයෙන් වෙන් කරන මුදල සියයට 6ක් දක්වා ඉහළට

Mohamed Dilsad

බුර්කාව තහනම් කලයුතු බවට කැබිනට් යෝජනාවක්

Mohamed Dilsad

මීටර් නැති ත්‍රීරෝද රථ වලට ලබන මස සිට දඩ

Mohamed Dilsad

Leave a Comment