ප්‍රමුඛ පුවත 1

සුඛෝපබෝගී වාහන කොල්ලකෑ පුද්ගලයෙකු අත්අඩංගුවට

(UTV|හලාවත) – සුඛෝපබෝගී වාහන සොරකම් රැසකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ.

වෙන්නප්පුව ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ව්‍යාජ ලිපි ලේඛන සකසා වාහන අළෙවි කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත වයස අවුරුදු 32 ක්වූ මෙම සැකකරු අත්අඩංගුවට පත් විය.

සීදුව පොලීසිය විසින් සිදුකළ මෙහෙයුමකදි ඔහු අත්අඩංගුවට ගැනුණි.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේ සැකකරු සතුව තිබී ජීප් රථ දෙකක් පොලිස් භාරයට ගෙන ඇති අතර ඉන් එක් රථයක් මිනුවන්ගොඩ  ප්‍රදේශයේ ව්‍යපාරිකයෙකුගෙන් කොල්ලකෑ බවට පැමිණිලි ලැබුණු ජීප් රථයකන් බවට හඳුනාගෙන තිබේ.

සැකකරු අන්තර්ජාලයේ අලෙවිය සඳහා පලකර ඇති දැන්වීම් පරීක්ෂා කර එය මිලදී ගැනිමට යන මුවාවෙන් ගොස් මෙලෙස වාහන  පැහැරගැනිම සිදු කරන බවට කළ පරික්ෂණවලදි අනාවරණය වී තිබේ.

අත්අඩංගුවටපත් සැකකරු අද(10) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නීති පර්යේෂණ ඒකකය විවෘත කිරීමට සුදානම්

Mohamed Dilsad

හිටපු ආරක්ෂක ලේකම් අත්අඩංගුවට

Mohamed Dilsad

හෙරොයින් ජාවාරම් කළ පුද්ගලයෙකුට මරණ දඩුවම .

Mohamed Dilsad

Leave a Comment