ප්‍රමුඛ පුවත 1

විදුලිබල මණ්ඩල අධ්‍යක්‍ෂ මණ්ඩලය කෝප් කමිටුවට

(UTV| කොළඹ) – ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිලධාරීන් අද කෝප් කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිතය.

ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා, සාමාන්‍යාධිකාරීවරයා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයද,මහජන උපයෝගීත කොමිසමේ සභාපතිවරයා ද මෙලෙස කෝප් කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහත් පැවසීය.

එස්. පවර් නැමැති පෞද්ගලික විදුලි බලාගාරයක් මගින් විදුලිය මිලදී ගැනීමට තුන් අවුරුදු ගිවිසුමකට එළඹීම සහ කෙරවලපිටිය බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීම ඇතුළු ගනුදෙනු පිළිබඳව ඔවුන්ගෙන් මෙහිදී ප්‍රශ්න කරනු ඇති බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආපදා හේතුවෙන් මියගිය පුද්ගලයෙකුට ලක්ෂ 10ක වන්දියක්

Mohamed Dilsad

ජනපති යලි දිවයිනට

Mohamed Dilsad

පොලිසියේ 18කට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

Leave a Comment