ප්‍රමුඛ පුවත 1

අනුමැතියකින් තොරව තිරිඟු පිටි මිල ඉහළ දැමූවොත් වැඩ වැරදී

(UTV| කොළඹ) – පාරිභෝගික කටයුතු අධිකාරියේ අනුමැතියකින් තොරව තිරිඟු පිටි මිල රුපියල් 5කින් වැඩි කිරීමට පියවර ගත් තිරිඟු පිටි නිෂ්පාදකයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව එම අධිකාරිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ, තිරිඟු පිටි කිලෝග්‍රෑමයක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් 87ක් බව යි.

එම මිල ඉක්මවා තිරිඟු පිටි අලෙවි කරන වෙළඳුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව ද එම නිවේදනයේ සඳහන් ය.

පසුගිය මස 31 වන දා රාත්‍රියේ සිට තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට ප්‍රීමා සමාගම පියවර ගනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකන් ගුවන් සේවය යළිත් සම්මානයට පාත්‍ර වෙයි

Mohamed Dilsad

ශ්‍රීලනිප ප්‍රතිසංවිධාන සාකච්ඡාවක් හදිසියේ

Mohamed Dilsad

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා

Mohamed Dilsad

Leave a Comment