ප්‍රමුඛ පුවත 1

පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර අහෝසි කෙරේ

(UTV | කොළඹ) – ජාතික පොලිස් කොමිසම විසින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර අහෝසි කිරිමට අනුමැතිය ලබා දී තිබේ.

නීතිය හා සාමය අමාත්‍යංශය විසින් කළ ඉල්ලිමකට මෙලෙස අනුමැතිය ලබා දුන් බව පොලිස් කොමිසමේ ලේකම් නිශාන්ත වීරසිංහ මහතා කියා සිටියේය.

ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරය දැරු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පොලිස් නීති කොට්ඨාශය වෙත අනුයුක්ත කර ඇත.

ඔහු පොලිස් නීති කොට්ඨාශයේ නීති අධ්‍යක්ෂ ලෙස කටයුතු කරනු ලැබේ.

එමෙන්ම නියෝජ්‍ය පොලිස්පතිවරුන් 3 දෙනෙකු / පොලිස් අධිකාරිවරුන් 4 දෙනෙකු / සහකාර පොලිස් අධිකාරිවරුන් 3 දෙනෙකු ඇතුලු පොලිස් නිලධාරීන් පිරිසක් ස්ථාන මාරු කිරිමට ද පොලිස් කොමිසම අනුමැතිය දුන් බව වැඩිදුරටත් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තම අවසන් හුස්ම යනතුරු මිනිසුන්ට සේවය කරනවා – [VIDEO]

Mohamed Dilsad

අයහපත් කාලගුණය නිසා දිස්ත්‍රික්ක 08 කට බලපෑම්[VIDEO]

Mohamed Dilsad

ඉමිතියාස් කාදර් ගිනි අවි සමඟ අත්අඩංගුවට(ඡායාරූප)

Mohamed Dilsad

Leave a Comment