ප්‍රමුඛ පුවත 1

බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද

(UTV| කොළඹ) – ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්‍ෂව බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද පැවැත්වේ.

ඉන්ධන මිල සූත්‍රය අනුව මාස දෙකක් ඇතුළත ඩීසල් ලීටරයක මිල රුපියල් 14කින් වැඩි වී තිබේ.

ප්‍රවාහන අමාත්‍යවරයා හා පෞද්ගලික බස් සංගම් අතර අද පෙරවරු 10.00 ට ප්‍රවාහන අමාත්‍යංශයේදී ආරම්භ වන මෙම සාකච්ඡාවේදී බස් ගාස්තු වැඩි කිරීම පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇත.

මෙම සාකච්ඡාවේදී දැනට අකර්මන්‍යව පවතින මිල සූත්‍රය යළිත් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීමක් කරන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අගුණකොලපැලැස්ස විරෝධතාවය මෙහෙයවූ රැඳවියන් පිරිසක් මාරු කෙරේ

Mohamed Dilsad

සළුසලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හරින ලෙසට ජනපතිගෙන් උපදෙස්

Mohamed Dilsad

සාපෙළ අදින් අවසන්

Mohamed Dilsad

Leave a Comment