ප්‍රමුඛ පුවත 1

අගුණකොලපැලැස්ස විරෝධතාවය මෙහෙයවූ රැඳවියන් පිරිසක් මාරු කෙරේ

(UTV| කොළඹ) – පසුගියදා අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ ආරක්ෂක කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවූ අතර ඊට එරෙහිව පැවැත්වූ විරෝධතාවය මෙහෙය වූ බව කියන අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිටි රැඳවියන් 08 දෙනෙකු වෙනත් බන්ධනාගාරයකට මාරු කර හැරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඊයේ (24) පස්වරුවේ අදාළ රැඳවියන් වෙනත් බන්ධනාගාර වලට මාරු කර ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය සඳහන් කළේය.

එම රැදවියන් අතර ජුලම්පිටියේ අමරේ, තංගල්ලේ  මහේෂ් ඇතුළු හෙරොයින් හා මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් වරදකරුවන් වූ රැඳවියන් 08 දෙනකු සිටින බව සඳහන් වේ.

ඔවුන් කළුතර, ගල්ල, මාතර, කුරුවිට සහ මොණරාගල බන්ධනාගාර වෙත මාරු කර ඇති බව වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රුපියල් බිලියන 1.6ක මුදලක් ලබාදීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවට ශ්‍රීලංකා රජයේ ගෞරවය පිරිනැමේ

Mohamed Dilsad

ජනපති කෙන්යා ජනපති හමුවෙයි

Mohamed Dilsad

ජනපති අපේක්ෂකයන් හයක් වත්කම් බැරකම් භාරදී නැහැ

Mohamed Dilsad

Leave a Comment