ප්‍රමුඛ පුවත 1

කොළඹ නුවර මාර්ගයේ අවදානම් සහිත ගස් ඉවත් කෙරේ

(UTV| කොළඹ) – කොළඹ , නුවර මාර්ගයේ පහළ කඩුගන්නාව ප‍්‍රදේශයේ අවදානම් සහිත ගස් ඉවත් කිරීම අද (25) උදෑසන ආරම්භ කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය ද සීමා කිරීමට සිදු වනු ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයව් සහකාර අධ්‍යක්‍ෂක ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා වැඩිදුරටත් පැවසුවේ.

ඒ පිළිබඳ රියදුරන් අවධානයෙන් සිය ගමනා ගමන කටයුතු සිදු කරන ලෙස ඔහු උපදෙස් ලබා දුන්නේය.

මේ අතර දිවයින ආශ‍්‍රිතව පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය ඉදිරි දින කිහිපයේදී ද අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. මධ්‍යම සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්කවල ඇතැම් ප‍්‍රදේශවලට අද දිනයේ මිලිමීටර් 100ත් 150ත් අතර තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ශ්‍රී ලංකාව බහරේන් රාජ්‍ය වෙත කරන ලද අපනයන ප්‍රමාණය ඉහළට

Mohamed Dilsad

පරෙවි දුපත වසා දැමුවේ ඇයි?

Mohamed Dilsad

කලින් වෙන් කළ දුම්රිය ප්‍රවේශ පත්වලට යළි මුදල්

Mohamed Dilsad

Leave a Comment